හෙට හෝ අනිද්දා ඔබට ලැබිය හැකි කෙටි පණිවුඩයක් ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්

ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

හෙට (13) හෝ අනිද්දා (14) එවැනි වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් තරුණ තරුණියන්ගේ ජංගම දුරකථනවලට හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුම් වෙත ලැබිය හැකි කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු පැහැදිලි කළේය. 

එහිදී, “හෙට දිනයේදී නැත්නම් 14 වැනිදා ඔබේ දුරකථනයට හෝ සමාජ මාධ්‍ය ජාලා ගිණුමට පණිවුඩයක් ලැබෙන්න පුළුවන්. එහි සඳහන් විය හැක්කේ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා යම් ත්‍යාගයක් එවා ඇති බවත් එය ලබාගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙස. නැතිනම් යම් භාණ්ඩ බෙදාහරින සේවාවකට මුදලක් තැන්පත් කරන ලෙසටයි. බොහෝ විට වංචනික ක්‍රියාකරන පුද්ගලයින් මෙවැනි දෑ සිදුකරන්න පුළුවන්. එවැනි ක්‍රියාවලට හසුවෙන්න එපා කියලා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබට එවැනි පණිවුඩයක් ලැබුණු වහාම එය නැවත වතාවක් පැහැදිලි කරගැනීමකින් තොරව මුදල් ලබාදීමට කටයුතු කරන්න එපා. ඔබත් අන්තර්ජාල අපරාධයක වින්දිතයෙකු බවට පත්වෙයි. අන්තර්ජාලය ඔස්සේ එවැනි දැන්වීම් පළකරන පුද්ගලයින් පිළිබඳව පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා,” යනුවෙන් පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි
01:02
Video thumbnail
අනුර මේ වෙලාවේ විපක්ෂයේ හිටියා නම් අමුතු කතා කියයි
04:43
Video thumbnail
අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස්.?
06:29
Video thumbnail
මේ ප්‍රශ්න සියල්ලටම රනිල් විසඳුම් දීලා තියෙන්නේ
03:41
Video thumbnail
අමෙරිකාවේ ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර
00:23
Video thumbnail
කුඹුරු අක්කර 7000ක් බේරාගැනීමට නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියා."වැලි කොට්ට 15000ක් දාලා බැම්ම හැදුවා"
01:51
Video thumbnail
පුටු මාරුවීමක් නිසා කොළොන්නාව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
04:46
Video thumbnail
කාර් එකක් උඩට වැ#මින් ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර..
00:47
Video thumbnail
ළමයින්ගේ තොරතුරු ඉල්ලන කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්න එපා..වැරදි අය අතට තොරතුරු ගියොත් ළමයි අනතුරේ
02:56
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58


?