ගවයින් බදින්න රක්ෂිතයට ගිය කාන්තාවක් ගෙල කපා මරලා

මහඔය පොලිස් වසමේ බෙරගල රක්ෂිතයේ කාන්තාවක් ඝාතනය කර ඇති බවට මහඔය පොලිස් ස්ථානය වෙත ඊයේ (24) තොරතුරක් ලැබී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෙරේදා (23) පස්වාරුවේ ගවයින් බැඳීම සඳහා රක්ෂිතයට ගොස් සිටි කාන්තාවක්.

අදාළ කාන්තාව ගවයින් බැඳීම ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ ප්‍රදේශය සෝදිසි කර තිබෙනවා.

එහිදී රක්ෂිතයේ දොල පාරක් අසල තිබී ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත ඇයගේ මෘත ශරීරය තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව වයස අවුරුදු 46 ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට හේතුව හා ඝාතනය කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මහඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55