හෙට හෝ අනිද්දා ඔබට ලැබිය හැකි කෙටි පණිවුඩයක් ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්

ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

හෙට (13) හෝ අනිද්දා (14) එවැනි වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් තරුණ තරුණියන්ගේ ජංගම දුරකථනවලට හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුම් වෙත ලැබිය හැකි කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු පැහැදිලි කළේය. 

එහිදී, “හෙට දිනයේදී නැත්නම් 14 වැනිදා ඔබේ දුරකථනයට හෝ සමාජ මාධ්‍ය ජාලා ගිණුමට පණිවුඩයක් ලැබෙන්න පුළුවන්. එහි සඳහන් විය හැක්කේ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා යම් ත්‍යාගයක් එවා ඇති බවත් එය ලබාගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙස. නැතිනම් යම් භාණ්ඩ බෙදාහරින සේවාවකට මුදලක් තැන්පත් කරන ලෙසටයි. බොහෝ විට වංචනික ක්‍රියාකරන පුද්ගලයින් මෙවැනි දෑ සිදුකරන්න පුළුවන්. එවැනි ක්‍රියාවලට හසුවෙන්න එපා කියලා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබට එවැනි පණිවුඩයක් ලැබුණු වහාම එය නැවත වතාවක් පැහැදිලි කරගැනීමකින් තොරව මුදල් ලබාදීමට කටයුතු කරන්න එපා. ඔබත් අන්තර්ජාල අපරාධයක වින්දිතයෙකු බවට පත්වෙයි. අන්තර්ජාලය ඔස්සේ එවැනි දැන්වීම් පළකරන පුද්ගලයින් පිළිබඳව පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා,” යනුවෙන් පැවසීය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33