Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නාලන්දා විද්‍යාලයේ ධර්මා ගුණසිංහ මන්දිරය අග්‍රාමාත්‍යවරිය අතින් විවෘත වෙයි (වීඩියෝ)

කොළඹ නාලන්දා විද්‍යාලීය සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදි කෙරුණු ලැබූ නවෝත්පාදන ගොඩනැගිල්ලේ (ධර්මා ගුණසිංහ මන්දිරය) පළමු අදියරය විවෘත කිරීම අද (26) උදෑසන අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මිලියන 600 කින් මෙම ගොඩනැගිල්ලේ සියලු වැඩ කටයුතු නිමා කිරීමට කටයුතු යොදා ඇති අතර, පළමු අධිරයේ වැඩ අවසන් කිරීම සඳහා මිලියන තුන්සියයක පිරිවැයක් දරා තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආදිනාලන්දීයන් සහ සම්භාවනීයන් පිරිසක් සහභාගීව සිටියා.