රජයෙන් සාධනීය විසඳුම් නොලැබීම නිසා GMOA සිය වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් අද (31) පෙරවරුවේ පැවැත්වුණා.

ඉකුත් 26 වැනිදා එම සංගමය රැස් වීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් සහ ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසදුම් ප්‍රකාශ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට පැය 48ක කාලයක් ලබා දුන් අතර අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පැය 48ක කාලයක් තුළ එලෙස සාධනීය විසදුම් ලබාදීමට අපොහොසත් වීම නිසා ලබන 02 වැනිදා සිට ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට එම සංගමය තීරණය අද (31) පැවති විධායක සභාවේ රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

පැවති විධායක සභාවේ රැස්වීමෙන් අනතුරුව අමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් කියා සිටියේ පහත වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා එළඹෙන සදුදා (02) දින සිට සිය සංගමය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව, එම සංගමය විසින් පහටැහැ සඳහන් වෘත්තීය ක්‍රියාමාර්ග ලබන සදුදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

-වෛද්‍ය සායනවලදී අදාළ ඖෂධ රජයේ රෝහල්වල නොමැති නම් බාහිරින් මිලදී ගැනීම සඳහා ඖෂධ තුණ්ඩු නිකුත් නොකිරීම

  • රෝහලේ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා නිර්දේශ කරනු ලබන තුණ්ඩු නිකුත් නොකිරීම
  • දේශපාලන න්‍යායන් සඳහා පවත්වනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවීමෙන් වැළකීම
  • අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් තුළ විවෘත කරනු ලබන නව රෝහල් වාට්ටු සහ ඒකකවලට වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීම
  • විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනුයුක්ත කරනු ලබන රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සදහා රාජකාරි කිරීමෙන් ඉවත් වීම යන
  • රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැති අවස්ථාවල රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම

එහිදී රෝහල තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම, අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම, රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම, විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සදහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම. වැනි කරුණු එළැඹෙන 02 වැනිදා උදෑසන 8.00සිට ආරම්භ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12