​රටේ අනාගතය සුරක්ෂිත වීමට ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතුයි – අගමැති

​අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

​අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජිකයින්ගේ දූ පුතුන් වෙනුවෙන් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වූ “EDCS සිසු නැණ ප්‍රණාම” ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය අමතමින්.

රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම සඳහා විශාල කැපවීමකින් සහ උත්සාහයකින් කටයුතු කරමින් සිටින බවත්, එම ගමනේදී කුමන බාධා එල්ල වුවද නිසි ඉලක්කයක් සහ අරමුණක් ඇති බැවින් ඒ සියල්ල ජය ගනිමින් ඉදිරියටම යන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.

​මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සමිතිය (EDCS) මගින් සංවිධානය කරන මෙම වැඩසටහන හුදු ශිෂ්‍යාධාර පිරිනැමීමක් පමණක් නොව, රටේ අනාගතය භාර ගැනීමට සිටින සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ කැපවීම ඇගයීමට ලක් කරන උතුම් අවස්ථාවක් බවයි.

1930 වසරේදී සාමාජිකයන් 58 දෙනෙකුගෙන් සහ රුපියලක සාමාජික ගාස්තුවකින් ආරම්භ වූ මෙම සමිතිය, අද වන විට සාමාජිකයන් දෙලක්ෂ පහළොස් දහසක් පමණ සිටින දකුණු ආසියාවේ විශාලතම සමුපකාරයක් බවට පත්ව තිබීම සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඇය පෙන්වා දුන්නා.

​ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වන අයුරුත්, ආර්ථික හා පරිසර අර්බුද හමුවේ මානව සම්පත සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.

පාසල් අධ්‍යාපනයේ සිටම අද ලෝකයට ගැළපෙන අයුරින් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කළ යුතු බවත්, විශ්වවිද්‍යාලවලට පිවිසෙන සිසුන් මෙම වෙනසේ නියමුවන් හා කොටස්කරුවන් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියා.

වසරකට ප්‍රාථමික අධ්‍යාපනයට එක්වන ලක්ෂ තුනකට ආසන්න පිරිසෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 40,000ක් වැනි පිරිසක් බැවින්, එම සුවිශේෂී අවස්ථාව රටේ දියුණුව වෙනුවෙන් භාවිත කරන ලෙස අග්‍රාමාත්‍යවරිය සිසුන්ගෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.

​



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59