හෙට සිට සියයට 15කින් විදුලි බිල ඉහළට -දෙසැම්බරයේ බිලට වඩා පොඩ්ඩක්වත් වැඩි වෙන්නෙ නෑ (වීඩියෝ)

හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම තීන්දුව අද දහවල් දැනුම්දෙනු ලැබුවා.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ද විදුලි බිල සංශෝධනය ගැන කතාබහක් ඇති වුණා.

”විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුය” යන්න රජයේ ස්ථාවරය බවත්, කිසිදු ලෙසකින් මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු ඉක්මවා නොයන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සඳහන් කළා.

කර්මාන්ත, ගෙවල්, හෝටල් ක්ෂේත්‍රයට, දෙසැම්බර් මාසයේ දී ගෙවපු විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් ලැබීම වෙනුවෙන් රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?