හෙට සිට විශේෂ මදුරු මර්දන සතියක්

හෙට (30) සිට එළඹෙන 05 වනදා දක්වා ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරෙනවා.

දිස්ත්‍රික්ක දහසයක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,932 දෙනෙකු වාර්තා වී ඇති අතර, සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16ක් බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 111ක සෞඛ්‍ය කණ්ඩායම්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ස්වේච්ඡා නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?