හෙට සිට වැසි තත්ත්වයේ ඉහළ යාමක් – තද සුළං සහ රළු මුහුද පිළිබඳවත් අනතුරු ඇඟවීමක්

පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරියේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල හෙට (18) දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළ මෙම වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ද අපේක්ෂා කරන බවයි අදාළ නිවේදනයෙන් දැක්වෙන්නේ.

මේ අතර ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල දක්වා වෙරළට ඔබ්බෙන් එන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විර්ටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින්ත විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්යතාට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) පස්වරුවේ නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ දැක්වෙනවා.

මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතින බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම ඉදිරි පැය 24 සඳහා ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙනවා.

ඊට අමතරව ගාල්ල සිට කොළඹ හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන ධීවර සහ නාවික ප්‍රජාව අවදානයෙන් කටයුතු කරන ලෙසත් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?