හෙට සිට දිවයිනේම ප්‍රාථමික පාසල් සිසුන්ට නිවාඩු

හෙටින් (04) ඇරඹෙන සතිය තුළ සමස්ත දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් ද පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල වාරවිභාග අවසන්ව ඇති බැවින් හයේ සිට 13 ශ්‍රේණිය දක්වා එම පළාත්වල පාසල්වල දරුවන් පාසල් කැඳවීමට අවසර හිමි නොවන බවයි.

විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවට පත්වන නිසා හෙට සිටම පාසල් නිවාඩුව ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණා.කෙසේ වෙතත් බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වල පාසල් කැඳවිය හැක්කේ වාර විභාග පැවැත්වීමට නියමිත සිසුන් පමණයි.

මෙම සතිය තුළ අත්‍යවශ්‍යම කටයුතු සඳහා දරුවන් පාසල් කැඳවන්නේ නම් ඊට විදුහල්පතිවරුන් විිසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් අවසර ලබාගත යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?