AFC Banner
Empty Ad
Empty Ad

හෙට රට විවෘත වන්නේ සීමාවන් යටතේ බව පොලීසියෙන් මතක් කරයි

හෙට (21) දිනයේ රට විවෘත වන්නේ යම් යම් සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඊට අනුව ජනතාව කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

කාර්යාල සඳහා සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි.

නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවත් තිබෙන පිරිස් එසේ සේවා සඳහා යොදා ගත යුතුය.

පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය.

සෑම පුද්ගලයෙකුම මුහුණු ආවරණයක් පැලඳ සීටීම අනිවාර්ය වේ.

නිරෝධායනයට අදාළ අනෙකුත් නියෝග ද ඒ ආකාරයටම පිළිපැදිය යුතුය.

පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වේ.

ඒ අනුව පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂී කරුණක් සඳහා පමණි.

සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර හිමි නොවේ.

පොදු ස්ථානවල සමූහ ලෙස ගැවසීම නොකළ යුතුය.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතය.

කෙසේ වුවද යළිත් 23 වනදා රාත්‍රී 10.00 සිට සංචරණ සීමා පැනවෙන අතර එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?