හෙට රට යන්න සිටි තරුණිය මහල් නිවාසයෙන් ඇද වැටී මරුට

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් තරුණියක් ඇද වැටී මරණයට පත්වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එංගලන්තයේ පුරවැසිභාවය හිමි 27 හැවිරිදි තරුණියක් බවටයි හෙළිවී ඇත්තේ.

ඇය හෙට (10) විදෙස්ගත වීමට සූදානමින් සිටි බව ද සඳහන්.

මියගොස් ඇති මෙම තරුණිය තම 29 හැවිරිදි පෙම්වතා සමග මාස 6ක පමණ කාලයක් අදාළ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට තිබෙනවා.

පසුගිය මාර්තු මස 8 වනදා ඇය මෙරටට පැමිණ ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු වන සිය පෙම්වතා හමුවීම සඳහා බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

අනතුරුව දෙදෙනා අදාළ මහල් නිවාස සංකීර්ණයේ දිවි ගෙවා ඇති අතර එම තරුණයා ද ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබන අතරතුර මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේදීයි.

ඔවුන් දෙදෙනා ෆේස්බුක් ඔස්සේ ප්‍රේම සම්බන්ධතාව ගොඩනගා ගෙන ඇති බව ද වාර්තා වී තිබෙනවා.

අද (09) අලුයම 2.40ට පමණ ගල්කිස්ස, අල්විස් මාවතේ පිහිටි මහල් නිවාසයක 13 වැනි මහලෙන් තරුණියක් ඇද වැටී මියගොස් ඇති බවට ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

පොලිසිය පෙම්වතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර ආගම සම්බන්ධයෙන් සුළු බහින්බස්වීමක් ඇති වූ බවයි.

එමෙන්ම ඔහු ඊයේ දහවල් බීර කෑන් 6ක් පමණ පානය කර සිටි බවත් රාත්‍රියේ නින්දට යෑමෙන් පසුව තම පෙම්වතියගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් සිදු කළ සොයාබැලීමේදී ඇයගේ මළ සිරුර දුටු බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අද දහවල් සිද්ධිය වූ ස්ථානය ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් විසින් පරික්ෂා කරනු ලැබුවා.

පොලිසිය පැවසුවේ හෙට (10) සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෙය ඝාතනයක් ද සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳව අනාවරණය කරගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15