spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට රට යන්න සිටි තරුණිය මහල් නිවාසයෙන් ඇද වැටී මරුට

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් තරුණියක් ඇද වැටී මරණයට පත්වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එංගලන්තයේ පුරවැසිභාවය හිමි 27 හැවිරිදි තරුණියක් බවටයි හෙළිවී ඇත්තේ.

ඇය හෙට (10) විදෙස්ගත වීමට සූදානමින් සිටි බව ද සඳහන්.

මියගොස් ඇති මෙම තරුණිය තම 29 හැවිරිදි පෙම්වතා සමග මාස 6ක පමණ කාලයක් අදාළ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට තිබෙනවා.

පසුගිය මාර්තු මස 8 වනදා ඇය මෙරටට පැමිණ ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු වන සිය පෙම්වතා හමුවීම සඳහා බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

අනතුරුව දෙදෙනා අදාළ මහල් නිවාස සංකීර්ණයේ දිවි ගෙවා ඇති අතර එම තරුණයා ද ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබන අතරතුර මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේදීයි.

ඔවුන් දෙදෙනා ෆේස්බුක් ඔස්සේ ප්‍රේම සම්බන්ධතාව ගොඩනගා ගෙන ඇති බව ද වාර්තා වී තිබෙනවා.

අද (09) අලුයම 2.40ට පමණ ගල්කිස්ස, අල්විස් මාවතේ පිහිටි මහල් නිවාසයක 13 වැනි මහලෙන් තරුණියක් ඇද වැටී මියගොස් ඇති බවට ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

පොලිසිය පෙම්වතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර ආගම සම්බන්ධයෙන් සුළු බහින්බස්වීමක් ඇති වූ බවයි.

එමෙන්ම ඔහු ඊයේ දහවල් බීර කෑන් 6ක් පමණ පානය කර සිටි බවත් රාත්‍රියේ නින්දට යෑමෙන් පසුව තම පෙම්වතියගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් සිදු කළ සොයාබැලීමේදී ඇයගේ මළ සිරුර දුටු බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අද දහවල් සිද්ධිය වූ ස්ථානය ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් විසින් පරික්ෂා කරනු ලැබුවා.

පොලිසිය පැවසුවේ හෙට (10) සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෙය ඝාතනයක් ද සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳව අනාවරණය කරගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?