අද (09) උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කර ඇති අතර, තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීම් සිදුකර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 14ක්, රක්වාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 6ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම සේවා වසමක් ද හුදකලා කළ බවය.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලාභාවයෙන් ඉවත්කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1