හීන් ගඟ මැද ගල් තලාවක මත්පැන් සාදයක් – පැය 7ක මෙහෙයුමකින් 13කගේ දිවි බේරෙයි

මාතලේ විල්ගමුව හීන් ගඟෙ දිය නා විනෝද වීමට ගිය 13 දෙනකු මහා ජල පහරකට මැදිව සිටිය දී පැය හතක මෙහෙයුමකින් පසු බේරාගත් බව පොලිසිය පවසනවා.

අලුත් අවුරුදු සැමරීම සඳහා මෙම තරුණයින් පැමිණ ඇති අතර හීන් ගඟෙ පිහිටි ගල් තලාවක මත් පැන් සාදයක් පවත්වමින් සිටින අතර තුර කඳු මුදුනට ඇද හැළුණු තද වර්ෂාවත් සමග ගඟෙ ජල මට්ටම එක වර ඉහළ ගොස් තිබෙනවා.

අදාළ තරුණයින් කෙසේ හෝ මේ සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මාතලේ දිස්ත්‍රික් ජීවිතාරක්ෂක කණ්ඩායම්, පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්ව ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් පැය හතකට ආසන් කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් පසු මෙම තරුණයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.