හිස්බුල්ලා නියෝජ්‍ය ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක් – අලුත් නායකයෙක් ළඟදීම

නායකයා මිය ගිය ද හිස්බුල්ලා සංවිධානය යුදමය වශයෙන් ඕනෑම ඊශ්‍රායල ප්‍රහාරයකට මුහුණ දීමට සූදානමින් සිටින බව හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානියා පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානි ෂීක් නයිම් කාසෙම් ප්‍රතිඥා දී ඇත්තේ තම සන්නද්ධ කණ්ඩායමේ නායකයා සහ බොහෝ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන්ගේ මරණය නොතකා ඊශ්‍රායලට ප්‍රති උත්තර ලබාදීමට සූදානම් බවයි.

ඊශ්‍රායලය තවමත් හිස්බුල්ලාගේ මිලිටරි හැකියාවන්ට පහර දී නැතැයි ෂීක් නයිම් අද (30) ප්‍රසිද්ධ දේශනයක දී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල, ලෙබනනයට බෝම්බ හෙළීමේ දී ඇති වූ පසුබෑම් නොතකා ඉරානය හා සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් සමඟ එක්ව දිගටම සටන් කරන බව ඔහු අවධාරනය කරනවා.

මේ අතර හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මියයාමෙන් පසුව නව නායකත්වයක් කඩිනමින් පත්කරන බව හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානියා වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායලයට ගොඩබිම් ආක්‍රමණයක් අවශ්‍ය නම්, ප්‍රතිරෝධී හමුදා ඒ සඳහා ද සූදානම් බවයි ඔහු පවසා ඇත්තේ.

ඊශ්‍රායලය ලෙබනන් සිවිල් වැසියන්ට, ගිලන්රථවලට, ළමයින්ට පහර දෙන බවත් ඔවුන් සටන්කරුවන් සමඟ සටන් නොකර සමූලඝාතන සිදුකරන බවත් ෂීක් නයිම් කාසෙම් පවසනවා.

2006 වසරේ දී ඊශ්‍රායලය සමඟ ඇති වූ ගැටුමෙන් ජයග්‍රහණය ලැබුවා සේම මෙම යුද්ධය ද ජයග්‍රහණය කරන බවයි නියෝජ්‍ය ප්‍රධානියා සිය පණිවුඩය අවසන් කරමින් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?