හිස්බුල්ලා නියෝජ්‍ය ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක් – අලුත් නායකයෙක් ළඟදීම

නායකයා මිය ගිය ද හිස්බුල්ලා සංවිධානය යුදමය වශයෙන් ඕනෑම ඊශ්‍රායල ප්‍රහාරයකට මුහුණ දීමට සූදානමින් සිටින බව හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානියා පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානි ෂීක් නයිම් කාසෙම් ප්‍රතිඥා දී ඇත්තේ තම සන්නද්ධ කණ්ඩායමේ නායකයා සහ බොහෝ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන්ගේ මරණය නොතකා ඊශ්‍රායලට ප්‍රති උත්තර ලබාදීමට සූදානම් බවයි.

ඊශ්‍රායලය තවමත් හිස්බුල්ලාගේ මිලිටරි හැකියාවන්ට පහර දී නැතැයි ෂීක් නයිම් අද (30) ප්‍රසිද්ධ දේශනයක දී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල, ලෙබනනයට බෝම්බ හෙළීමේ දී ඇති වූ පසුබෑම් නොතකා ඉරානය හා සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් සමඟ එක්ව දිගටම සටන් කරන බව ඔහු අවධාරනය කරනවා.

මේ අතර හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මියයාමෙන් පසුව නව නායකත්වයක් කඩිනමින් පත්කරන බව හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානියා වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායලයට ගොඩබිම් ආක්‍රමණයක් අවශ්‍ය නම්, ප්‍රතිරෝධී හමුදා ඒ සඳහා ද සූදානම් බවයි ඔහු පවසා ඇත්තේ.

ඊශ්‍රායලය ලෙබනන් සිවිල් වැසියන්ට, ගිලන්රථවලට, ළමයින්ට පහර දෙන බවත් ඔවුන් සටන්කරුවන් සමඟ සටන් නොකර සමූලඝාතන සිදුකරන බවත් ෂීක් නයිම් කාසෙම් පවසනවා.

2006 වසරේ දී ඊශ්‍රායලය සමඟ ඇති වූ ගැටුමෙන් ජයග්‍රහණය ලැබුවා සේම මෙම යුද්ධය ද ජයග්‍රහණය කරන බවයි නියෝජ්‍ය ප්‍රධානියා සිය පණිවුඩය අවසන් කරමින් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14