හිරුණිකාගේ ඇප ගැන අධිකරණයෙන් ආරංචියක්

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් අද ලිඛිතව සිය විරෝධතා කොළඹ මහාධිකරණය හමුවේ භාරදුන්නා.

මෙම ඇප ඉල්ලීම අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම විරෝධතා රජයේ නීතිඥවරයා විසින් භාරදෙනු ලැබුවා.

ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18 කට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.

එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
13
+1
4
+1
9
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33