අම්බලන්තොට, දෙහිගහලන්ද විවේකාරාම රජමහා විහාරස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විහාරාධිපති හිමියන්ගේ ගෙල මිරිකා බිය ගන්වා රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් සහ ජංගම දුරකථනයක් කොල්ල කා පලාගොස් තිබෙනවා.
ඊයේ (02) පස්වරුවේ මෙම කොල්ල කෑම සිදුව ඇති බවයි අම්බලන්තොට පොලිසිය පැවසුවේ. පසුව විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා අම්බලන්තොට පොලිසිය පරික්ෂණ ආරම්භකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




