AFC Banner
AFC Banner
Empty Ad

හිමිකරුවන් භාර නොගත් ඇපල් තොගයක් දෙහිවල සත්තු වත්තට

කොළඹ වරායෙන් ඉවත් කර නොගැනුණු කිලෝ ග්‍රෑම් 24,000ක ඇපල් තොගයක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් දෙහිවල සත්වෝද්‍යානයට අද (10) භාර දී තිබෙනවා.

මෙලෙස භාර දුන් ඇපල් තොගයට ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වන අතර එහි වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වනවා.

අදාල ඇපල් කන්ටේනරය ආනයනකරුවන් භාර නොගැනීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බලා, වරාය,රේගුව හා සී.අයි.සී.ටී පර්යන්තයේ නිලධාරීන් සමඟ සාකච්ඡාකර සත්වෝද්‍යානයට මෙලෙස භාරදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේදී චීනයෙන් මෙරටට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?