සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘මාකදුරේ මධුෂ්’ නමින් හැඳින්වෙන සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













