හිටපු ලිට්‍රෝ සභහාපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මේ වන විට තායිලන්තයෙන් අඩු මුදලකට ගෑස් ලබා ගැනීමට රජයට අවකාශය ලැබී ඇත්තේ තමන් සභාහාපතිව සිටි 2021 වර්ශයේ නොවැම්බර් මස ක්‍රියාත්මක කළ වැඩසටහනක් නිසා බව ලිට්‍රෝ හිටපු සභහාපති තෙෂාන් ජයසිංහ මහතා පවසනවා.

විශේෂ නිවේදනයක් මගින් ඔහු තව දුරටත් කියා සිටියේ එම වැඩසටහනට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේගයන් නොවන්නට මීටත් වඩා අඩු මුදලකට ලංසුවක් ලබා ගැනීමට තවත් සමාගම් ඉදිරිපත් වීමට ඉඩ තිබූ බවයි.

ඒ සම්බන්ධව ඔහු කල විශේෂ නිවේදනය පහතින් ,

“මා විසින් මෙම වසරේ (2022) ජනවාරි මාසයේ දී ඉදිරි මාස 12ක කාලයක් සඳහා ගෑස් මිල දී ගැනීම උදෙසා සියලු තානාපති කාර්යාල ද දැනුවත් කරමින් ඉතා පාරදෘශ්‍ය හා විනිවිදභාවකින් යුතුව අරම්භ කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලිය මගින්, මෙතෙක් එක් කණ්ඩායමක් අත පැවති ඒකාධිකාරී මාෆියාව බිඳ දැමීමට හැකි වීම පිළිබඳව මම නිහතමානිව සතුටු වෙමි.

ලෝක වෙළඳපොළ ඉන්ධන, ගෑස් සහ නාවික ප්‍රවාහන ගාස්තු අදට සාපේකෂව ඉතා අඩු මිලක වූ 2020ට සාපේක්ෂව ගෑස් මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 10ක් අඩුවෙන් ඉන්ධන, ගෑස් සහ නාවික ප්‍රවාහන ගාස්තු ඉතා අධික මෙවන් සමයක ලංසු ලැබීම මගින් කෙතරම් මුදලක් 2020 පෙබරිවාරි මස දී අත්සන් කරන ලද ගිවිසුමෙන් රටට අහිමි කර ඇත්දැයි ඔබ සැම වටහාගනු ඇත.

ඉකුත් 2021 වසරේ නොවැම්බර් මස මා විසින් ගෑස් මාෆියාව පිළිබඳව සිදු කරන ලද හෙළිදරව්වට පසුව මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය හා මා ඉලක්ක කරගනිමින්, ඉතා බලවත්, ධනවත් සංවිධානාත්මක හා සාපරාධී මනසක් සහිත පිරිසක් විසින් සිදු කිරීමට යෙදුනු අවාසනාවන්ත ක්‍රියාදාමයන් නොවන්නට, මීට ත් වඩා අඩු මිලට ලංසු ලබා ගැනීමට තව ත් සමාගම් ඉදිරිපත්වීමට අවස්ථාව තිබූ බව මාගේ විශ්වාසය යි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41