හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි තියෙනවා – පොලිසිය

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක්, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ දී කැඳවා තිබුණා.

එම සැකකරු අත්අඩංගුවට ගැනීමේ හේතුව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව එම මාධ්‍ය හමුවේදී අවධාරණය වුණා.

මෙම මාධ්‍ය හමුව කැඳවීමට හේතුව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කිරීම බවත්, ඉදිරි දින කිහිපයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට නිසි හේතුව නිල වශයෙන් දැනුම්දෙන බවත් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකශ වුණා.

කෙසේ වෙතත් වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසා සිටියේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් යම්කිසි සම්බන්ධයෙන් තිබෙන බවට සාක්ෂි පවතින බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාරයේ මහාමොලකරුද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතරු දුන් සජීව මැදවත්ත පවසා සිටියේ, ”මොහුගෙන් කරන ප්‍රශ්න කිරීම් මත වැඩිදුර විමර්ශනවලදී තීරණය කෙරෙයි ඔහුද මහමොලකරු, තවත් කෙනෙක් ඉදිරියෙන් ඉන්නවද කියලා. මේ ආවස්තාවේදී මමත් පොලිස් නිලධාරියෙක් වශයෙන් මොහුව අත්අඩංගුවට අරන් පැය දෙක ඇතුළත අපිට කියන්නේ නැහැ මොහුද මහමොලකරු කියලා. මොහුට යම්කිසි සම්බන්ධයක් තියෙන බවට සාක්ෂි තියෙන බව ඇත්ත, නමුත් ඉදිරියේදී ඔහුගෙන් ප්‍රශ්න කරලා, ඉදිරි විමර්ශනවලදී තමයි ඒක තීරණය කරන්න වෙන්නේ,” යනුවෙනුයි.

එමෙන්ම මෙම සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව එම සැකකරුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34