හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, රොහාන් සිල්වා පියතුමා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බව පෙන්වා දෙමින් එම අත්අඩංගුවට ගැනීම සහ රඳවාගෙන ප්‍රශ්න කිරිම අභියෝගයට ලක් කරමිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සමේ කරුණු සලකා බැලීම සඳහා තවමත් දින නියම කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !