AFC Banner
Empty Ad
Empty Ad

හිටපු නියෝජ්‍ය කතානායකගේ නිවස අසලින් අවි ආයුධ හමුවෙයි – පුද්ගලයෙක් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වන ආනන්ද කුමාරසිරි මහතාගේ නිවස ආසන්නයේ සිදු කළ වැටලීමකදී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.

වැල්ලවාය එකේ කණුව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නිවස ආසන්නයේ වැටලීම සිදු කර ඇත්තේ බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්.

මෙහිදී ජීව අත්බෝම්බ දෙකක්, ගිනි අවි දෙකක්, වෙඩි නොවදින කබායක්, පිහියක් සහ ජීව උණ්ඩ 22ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එම ආයුධ සමග අදාළ නිවසේ සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 64ක් වන එම ප්‍රදේශයේ ම පදිංචි සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය මගින් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?