Empty Ad
AFC Banner
Empty Ad

හිටපු ජනපතිනියට බෝම්බ ප්‍රහාරය එල්ල වී 25 වසරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිටි ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට අද දිනට (18) 25 වසරක් සපිරෙනවා.

මේ නිමිත්තෙන් හිටපු ජනාධිපතිනිය විසින් මහරගම ඉන්දිරා පිළිකා පදනම වෙත ආධාර පිරිනැමීම ද සිදු කෙරුණා.

බෝම්බය පිපිරූ අවස්ථාවේ දී හිටපු ජනාධිපතිනියගේ දකුණු ඇසට බරපතළ හානි සිදු වීමෙන් එය අදටත් අන්ධභාවයට පත් ව තිබෙනවා.

එම බෝම්බ ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිනියට ආරක්ෂාව සැපයූ ආරක්ෂකයින් සයදෙනෙකුට ද ජීවිතය අහිමි වුණා.

මෙම විශේෂ පිංකම සඳහා අද දිනයේ දී එම ප්‍රහාරයෙන් මියගිය ආරක්ෂකයින්ගේ පවුල්වල සාමාජිකයින් ද එක් ව සිටියා.

තමාගේ ජීවිතය බේරාගැනීමට සිය ජීවිතය කැප කළ වීරෝදාර රණවිරුවන් සහ ආරක්ෂකයින් හට සිය ගෞරවය සහ උත්තමාචාරය සෑම විටම පිරිනමන බවයි මෙම විශේෂ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය පැවසුවේ.

තමන් මේ වනවිට දේශපාලනයෙන් මුළුමනින් ම විශ්‍රාම ගොස් ඇති බවත්; රටේ අනාගත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම පදනම හරහා විශාල සේවාවක් කරමින් කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට හිටපු කතානායකවරයෙකු මෙන් ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන කරු ජයසූරිය මහතා ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?