හිටපු ක්‍රීඩා ඇමතිට රොෂාන්ට එරෙහි පෙත්සම විභාගයට නව විනිසුරු මඩුල්ලක්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් ඊයේ (27) දින නව විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවා.

ඒ අනුව, අදාළ පෙත්සම විභාග කිරීම සඳහා මොහොමඩ් ලෆාර් සහ චමත් මොරායස් යන අයගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් නම් කරන බව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා නියෝග කළා.

මෙම පෙත්සම මීට පෙර මොහොමඞ් ලෆාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබූ අතර එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු කේමා ස්වර්ණාධිපති විශ්‍රාම යාමට නියමිතව සිටින බැවින් මෙම පෙත්සම විභාග කිරීමට හැකියාවක් නොමැති බවත් එය විභාග කරන විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බවත් සඳහන් කර තිබුණා.

ඒ අනුව, අදාල පෙත්සම ඊයේ (27) දින අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අභියාචනාදීකරණයේ සභාපතිවරයා විසින් මෙම නව විනිසුරු මඩුල්ල නම් කරීම සිදු වුණා.

දිමිත්‍රී ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී නමැති නීතිඥවරියක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වග උත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කර තිබුණා.

වග උත්තරකාර රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයේ දැක්වූ කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?