හිටපු ක්‍රීඩා ඇමතිට රොෂාන්ට එරෙහි පෙත්සම විභාගයට නව විනිසුරු මඩුල්ලක්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් ඊයේ (27) දින නව විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවා.

ඒ අනුව, අදාළ පෙත්සම විභාග කිරීම සඳහා මොහොමඩ් ලෆාර් සහ චමත් මොරායස් යන අයගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් නම් කරන බව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා නියෝග කළා.

මෙම පෙත්සම මීට පෙර මොහොමඞ් ලෆාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබූ අතර එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු කේමා ස්වර්ණාධිපති විශ්‍රාම යාමට නියමිතව සිටින බැවින් මෙම පෙත්සම විභාග කිරීමට හැකියාවක් නොමැති බවත් එය විභාග කරන විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බවත් සඳහන් කර තිබුණා.

ඒ අනුව, අදාල පෙත්සම ඊයේ (27) දින අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අභියාචනාදීකරණයේ සභාපතිවරයා විසින් මෙම නව විනිසුරු මඩුල්ල නම් කරීම සිදු වුණා.

දිමිත්‍රී ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී නමැති නීතිඥවරියක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වග උත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කර තිබුණා.

වග උත්තරකාර රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයේ දැක්වූ කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30