පිලිපීනයේ මේ වනවිට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එරට හිටපු දරුණු ඒකාධිපති පාලකයෙකු වන ෆර්ඩිනන්ඩ් මාකෝස් ගේ පුත්‍රයා වන බොංග්බොංග් මාර්කෝස්ට විශිෂ්ඨ ජයක් හිමිවන බව පෙනී යනවා.
මේ වනවිට ගණනය කර ඇති 98% කට ආසන්න ඡන්ද පත්‍රිකා අතුරින් මිලියන 30 ක් එනම් තුනෙන් දෙකකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ඔහුට හිමිවී ඇති බවයි පිලිපීනයේ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
1986 වසරේදී පිලිපීනය තුළ සිදුවූ මහජන අරගලයකින් එවක ඒකාධිපති පාලක ෆර්ඩිනන්ඩ් මාකෝස් සහ ඔහුගේ බිරිඳ වන ඉමෙල්ඩා මාර්කෝස් සිරගත කෙරුනු ලැබුවා.
මාර්ෂල් නීතිය පණවමින් සිවිල් වැසියන් දහස් ගණනක් මරණයට පත් කිරීමත් බිලියන ගණනක මුදල් මංකොල්ල කෑම ආදි චෝදනා දහස් ගණනක් ඔහුට විරුද්ධව තිබෙනවා.එසේම ඔහුගේ බිරිදට සිරගතවන විට මිල අධික සපත්තු කුට්ටම් 300කට අධික ප්‍රමාණයක් තිබූ බවද වාර්ථා වනවා.




