හිටපු අමාත්‍ය රාජිතට ඇප (වීඩියෝ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.

අද (09) දින ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඒ, අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමටයි මෙහිදී නියෝග කළේ.

එමෙන්ම ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

මෙම නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුගෙන් ඉකුත් තුන්වනදා අල්ලස් කොමිසමේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශය තුළින් මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ කොරියානු සමාගමේ අනුග්‍රහය ඇතිව විදේශ සංචාරයක නිරත වී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවා.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු “සී වූ “නමැති කොරියානු සමාගමට පැවරීමේදී පාරිසරික අගැයීම් වාර්තා යනාදිය ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඇය පෙන්වා දුන්නා.

ඒ, අනුව මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්, ඊට අදාළව එම සංචාරයට සහභාගි වූ මෙම සැකකරුගේ ඥාතීන් හා ධීවර වරායේ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව ඇය කියා සිටියා.

ඒ, අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් මෙම සැකකරු ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට සැකකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දැඩි විරෝධය පළ කළා.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, සිය සේවාදායකයා අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව විදේශ සංචාරයක නිරත වූ බවට කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඔහු එහිදී නිරත වී ඇත්තේ නිල සංචාරයක් බවත් සඳහන් කළා.

ලෝක ආහාර සංවිධානයේ ප්‍රධාන දේශනයක් සිදුකිරීම සඳහා සැකකරු සිය භාර්යාව සමග පමණක් මෙම සංචාරයේ නිරත වී ඇති අතර එය නිල සංචාරයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද ඒ පිළිබඳව පැහැදිලිව කරුණු දක්වා තිබෙන බව සඳහන් කර සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සංචාරය පිළිබඳව තොරතුරු අනාවරණය වුණේ මෙම සැකකරුගේ ප්‍රකාශය සටහන් කළ අවස්ථාවේදී දැයි විමසුවා.

ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් “නැහැ ස්වාමීනී. ඊට පෙරත් කරුණු හෙළිවෙලා තිබුණා. සැකකරුගේ ප්‍රකාශයෙන් ඒ බව තවදුරටත් තහවුරු වුණා,” යනුවෙන් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන සාක්ෂිකරුවන් වන අසේල සංජීව පෙරේරා සහ උචිත අනුරාධ යන අයගේ ප්‍රකාශවලින් සැකකරුගේ මෙම විදේශ සංචාරය රාජකාරීමය සංචාරයක් බවට කරුණු දක්වා තිබෙන බවත් කියා සිටියා.

සැකකරු අධිකරණය මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම එල්ල කර තිබෙන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, ඔහු විසින් සිදු කරනු ලැබුවේ නීතියෙන් තමන්ට හිමි වී තිබෙන ප්‍රතිපාදන උපයෝගී කරගෙන විවිධ අපේක්ෂිත ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමණක් බව සඳහන් කළා.

නීතිඥවරුන්ගේ උපදෙස් මත ඔහු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බවත් නීතියේ සඳහන් ප්‍රතිපාදන අනුගමනය කිරීම අධිකරණය මගහැරීමක් වන්නේ කෙසේදැයි මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කළා.

මෙම සංචාරයට සැකකරු සමග ඔහුගේ භාර්යාව පමණක් සහභාගි වී ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම විමර්ශනය ආරම්භ වුණේ, මීට වසර 13කට පෙර බවත් එතැන් පටන් මේ දක්වා මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිදුකළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් පැවසුවා.

ඒ, අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ සංචාරය සම්බන්ධයෙන් අදාළ කොරියානු සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන් කළා.

එහිදී සැකකරු ඔහුගේ ඥාතීන් සමඟ විදේශ සංචාරයක නිරත වී ඇති බවත් එම සංචාරය අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය යටතේ සිදු වූ බවට කරුණු තහවුරු කරගත් බවත් එම නිලධාරින් වැඩිදුරටත් අධිකරණයට හමුවේ කියා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, “මෙම සැකකරු විදේශ සංචාරයක නිරත වී තිබෙන බව ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වුණා. එම සංචාරයට සහභාගි වූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශත් සටහන් කරගෙන තිබෙනවා. එම නිසා මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය වන්නේ නෑ,” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඉන් අනතුරුව සැකකරු ඇප මත මුදාහැරීමට නියම කර සිටියා.
ඉන් අනතුරුව නඩුව යළි ලබන වසරේ ජනවාරි මස 30 වැනිදා කැඳවීමට ද නියම කෙරුණා.

2013 වසරේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට සැකපිට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?