හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (30) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 82 හැවිරිදි වියෙහි පසුවූවා.

වර්ෂ 1943 මැයි මස 08 වැනි දින මෙලොව එළිය දුටු හිටපු අමාත්‍යවරයා, පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන් හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කරනවා.

ඉන් පසුව ඔහු ව්‍යාපාරිකයෙකු ලෙසයි සමාජගත වන්නේ.

දර්ශි ලොකුගේ යනු අභාවප්‍රාප්ත ගාමිණී ලොකුගේ මහතාගේ එකම දියණිය ද වනවා.

වර්ෂ 1960 දී සිය දේශපාලන ගමන් මග ගාමිණී ලොකුගේ මහතා අරඹන්නේ එක්සත් ජාතික පක්ෂය හා එකතු වෙමින්.

මෙරට ප්‍රබල දේශපාලන නායකයින් ලෙස සැලකෙන හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන නායකයින් යටතේ කැබිනට් අමාත්‍ය ධුර පවා දරා තිබෙනවා.

පසුගිය කාල වකවානුවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අවසන් වරට දේශපාලන වශයෙන් කටයුතු කළ ඒ මහතා බලශක්ති, විදුලිබල, ප්‍රවාහන අමාත්‍ය ධුර මෙන් ම නාගරික සංවර්ධන, කම්කරු හා විදේශ රැකියා හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, කම්කරු හා කම්කරු සබඳතා, කම්කරු සබඳතා හා ඵලදායීතා ප්‍රවර්ධන, ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු වැනි අමාත්‍ය ධුර රැසක් ද හොබවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
10
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07