හික්කඩුව නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (12) රාත්‍රියේ හදිසියේ අසනීප වී ඇති ඒ මහතා නිවසේ දී ම ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

විනී කාරියවසම් මහතාගේ දේහය මේ වනවිට අම්බලන්ගොඩ බස්නැවතුම්පොළ ඉදිරිපිට නිවසේ තැන්පත් කර තිබේ.

ඒ මහතාගේ අවසන් කටයුතු 15 වන සෙනසුරාදා හික්කඩුව හෙන්නාතොට විද්‍යාවර්ධන විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට නියමිතය.

මියයන විට 81 වන වියේ පසුවු විනී කාරියවසම් මහතා, දොඩන්දුව ගම්සභාවෙන් දේශපාලනය ආරම්භකර 2006 වසරේ සිට මේ දක්වා හික්කඩුව නගරාධිපති ලෙස ජනතාවට සේවය කර ඇත.

හික්කඩුව ප්‍රාදේශීය සභාව නගර සභාවක් බවට පත්කිරීමට විනී කාරියවසම් මහතා විශාල මෙහෙවරක් සිදුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30