හැරී බෘක් මංගල ත්‍රිත්ත්ව ශතකයට හිමිකම් කියයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හැරී බෘක් සිය මංගල ටෙස්ට් ත්‍රිත්ත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ මේ වනවිට (10) පාකිස්තානයට එරෙහිව මුල්තාන් නුවර දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දීයි.

අද තරගයේ සිව්වැනි දිනය වන අතර එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණය අරඹා තිබෙනවා.

මේ වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 781ක් ලබා සිටිනවා.

මෙම දැවැන්ත ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ දී හැරී තුන්වැනි කඩුල්ලට පිටියට පිවිසි අතර ඔහු සිය සගයා වූ ජෝයි රූට් සමග එක් ව ද්විත්ව ශතක ලබා ගැනීම ද අද දිනයේ දී කැපී පෙනුණා.

හැරී අද දිනයේ දී ලබාගත්තේ සිය මංගල ද්විත්ව ශතකය වන අතර ඊට පැය කිහිපයකට පසුවයි හෙතෙම ත්‍රිත්ත්ව ශතකයට ද හිමිකම් කීවේ.

ටෙස්ට් තරගයක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.

ලකුණු 454ක දැවැන්ත සබඳතාවක් රූට් සමගින් ගොඩනගන්නට ද හැරී බෘක් සමත් වීම ද කැපී පෙනුණා.

හැරී බෘක් පන්දු 317ක දී ලකුණු 314ක් රැස් කරගෙන සිටිනවා.

ඊට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 29ක් ඇතුළත්.

මේ වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 792ක් ලබා පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 236ක් ඉදිරියෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38
Video thumbnail
බලංගොඩ කස්සප හිමි ඉරාන තානාපති කාර්යාලයට
04:43