හැම දේටම උත්තර දෙන්න යන්න ඕනෑ නෑ – මහා සංඝරත්නයෙන් ජනපතිට උපදෙස්

විවේචනයන් සාධාරණව සලකාබලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවිය යුතුබව බෞද්ධ උපදේශක සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශකර තිබේ.

සියලු අදහස්වලට පිළිතුරු ලබාදීමට යෑමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යාහැකි බවද බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයාට පෙන්වාදී තිබේ.

08 වැනි වරට බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (12) රැස්වූ අවස්ථාවේ මෙම අදහස් පළවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඇතමුන් කුමන ප්‍රකාශ කළ ද මහ සංඝරත්නය සහ ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි නොමඳ විශ්වාසයක් තබාඇති බව මහ සංඝරත්නය එහිදී සඳහන්කර තිබේ.

නොයෙකුත් පාර්ශ්ව එල්ලකරන පදනම් විරහිත චෝදනා සහ අපහාසවලින් රජය අධෛර්යමත් නොවිය යුතු අතර ප්‍රතිපත්තිගරුකව රට පාලනයකරන ලෙස මහ සංඝරත්නය මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

තානාපති සේවය ඇතුළු තනතුරුවලට පත්කිරීමේදී ජනාධිපතිවරයා ගෙනයන ක්‍රියාදාමයට පැසසුම් කළ මහ සංඝරත්නය මියන්මාරය, තායිලන්තය වැනි රටවලට පත්කෙරෙන තානාපතිවරු පන්සිල් රකින, දර්ශනයක් සහිත පුද්ගලයන් වියයුතු බව එහිදී ප්‍රකාශ කර ඇත.

බුද්ධ චරිතය, බෞද්ධ දර්ශනය, පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථකථන නතර කිරීමේ අවශ්‍යතාව ද මහ සංඝරත්නය විසින් මෙහිදී අවධාරණයකර තිබේ.

ඒ සඳහා බෞද්ධ ග්‍රන්ථ සහ ප්‍රකාශන නියාමන පනත සක්‍රීය කිරීම සහ  ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය සක්‍රීය කිරීම සිදු කළයුතු බව බෞද්ධ උපදේශක සභාව පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ මුදල් තියාගෙන හිටියේ මේ වගේ ආපදාවලට උදව් කරන්න..අපි කිසිම බද්දක් වැඩි කරලා නෑ..
03:09
Video thumbnail
වසා දැමූ පළාත් 6ක සියළු පාසල් 16වනදා විවෘත කෙරේ..අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
12:57
Video thumbnail
අපි ආණ්ඩුවට සහාය දෙනවා - නාමල් කියයි
03:46
Video thumbnail
ඕන රෙද්දක දාගනින් ගිහිල්ලා..ඔය බම්බුව විසි කරලා..අවිස්සාවේල්ල කෑම කඩේක උණුසුම් තත්ත්වයක්
00:59
Video thumbnail
හොරකම් කරන්නේ නැත්තම් කොන්ද කෙළින් තියාගෙන මේක කරන්න
11:03
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30


?