හැම දේටම උත්තර දෙන්න යන්න ඕනෑ නෑ – මහා සංඝරත්නයෙන් ජනපතිට උපදෙස්

විවේචනයන් සාධාරණව සලකාබලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවිය යුතුබව බෞද්ධ උපදේශක සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශකර තිබේ.

සියලු අදහස්වලට පිළිතුරු ලබාදීමට යෑමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යාහැකි බවද බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයාට පෙන්වාදී තිබේ.

08 වැනි වරට බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (12) රැස්වූ අවස්ථාවේ මෙම අදහස් පළවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඇතමුන් කුමන ප්‍රකාශ කළ ද මහ සංඝරත්නය සහ ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි නොමඳ විශ්වාසයක් තබාඇති බව මහ සංඝරත්නය එහිදී සඳහන්කර තිබේ.

නොයෙකුත් පාර්ශ්ව එල්ලකරන පදනම් විරහිත චෝදනා සහ අපහාසවලින් රජය අධෛර්යමත් නොවිය යුතු අතර ප්‍රතිපත්තිගරුකව රට පාලනයකරන ලෙස මහ සංඝරත්නය මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

තානාපති සේවය ඇතුළු තනතුරුවලට පත්කිරීමේදී ජනාධිපතිවරයා ගෙනයන ක්‍රියාදාමයට පැසසුම් කළ මහ සංඝරත්නය මියන්මාරය, තායිලන්තය වැනි රටවලට පත්කෙරෙන තානාපතිවරු පන්සිල් රකින, දර්ශනයක් සහිත පුද්ගලයන් වියයුතු බව එහිදී ප්‍රකාශ කර ඇත.

බුද්ධ චරිතය, බෞද්ධ දර්ශනය, පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථකථන නතර කිරීමේ අවශ්‍යතාව ද මහ සංඝරත්නය විසින් මෙහිදී අවධාරණයකර තිබේ.

ඒ සඳහා බෞද්ධ ග්‍රන්ථ සහ ප්‍රකාශන නියාමන පනත සක්‍රීය කිරීම සහ  ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය සක්‍රීය කිරීම සිදු කළයුතු බව බෞද්ධ උපදේශක සභාව පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55