ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ඇතැයි කොරෝනා වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එසේ දිස්ත්‍රික්ක අතර සංචරන සීමා පනවන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව කොරෝනා වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර බව ද ඔහු පැවසීය.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට පළාත අතර සංඛ්‍යාව සීමා පැනවීමට කටයුතු කර තිබුනද අත්‍යවශ්‍ය සේවා සඳහා එම සීමා බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම හෙට සිට මැයි 31 දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවසෙන් පිටවිය හැක්කේ ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංකය අනුව පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.