හැඩිදෙමළ කන්දත් නාය යයි – වැලිමඩ සානුවේ තැන් කිහිපයකටත් රතු එළි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ ස්ථාන කිහිපයක මෙන් ම උඩරට පළාතේ ප්‍රදේශ කිහිපයක් ද මේ වනවිට නායයෑමේ තත්ත්වයක් මතු ව තිබෙනවා.

දකුණු පළාතේ බද්දේගම – දුටුගැමුණු විහාරස්ථානය පිහිටා ඇති හැඩිදෙමළ කන්ද ද නාය ගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එම කන්දේ විශාල ගල් මේ වනවිට නිවෙස් මතට කඩා වැටීමට පටන් ගෙන තිබෙනවා.

ගල්වලට අමතර ව කන්දෙහි බුරුල් වුණු පස් කණ්ඩි ද මේ වනවිට ජල පහර සමග පහතට සේදීගෙන එන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත්; හැඩිදෙමළ කන්දෙන් නිවස මතට කඩා වැටුණු ගල් සහ පස් හේතුවෙන් ජීවිත හානියක් සිදු ව නොමැති අතර, දේපළ හානි සිදු ව තිබෙනවා.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිමඩ සානුවේ මාර්ග රැසකට ද පස් කඳු කඩාගෙන වැටී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම අධික වර්ෂාපතනයත් සමග ඝන මීදුම් සහිත තත්ත්වයක් ද ඇති ව තිබෙන බවත්; මේ හේතුවෙන් රථ වාහන ධාවනයේ දී දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් පොලිසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29