spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැඩිදෙමළ කන්දත් නාය යයි – වැලිමඩ සානුවේ තැන් කිහිපයකටත් රතු එළි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ ස්ථාන කිහිපයක මෙන් ම උඩරට පළාතේ ප්‍රදේශ කිහිපයක් ද මේ වනවිට නායයෑමේ තත්ත්වයක් මතු ව තිබෙනවා.

දකුණු පළාතේ බද්දේගම – දුටුගැමුණු විහාරස්ථානය පිහිටා ඇති හැඩිදෙමළ කන්ද ද නාය ගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එම කන්දේ විශාල ගල් මේ වනවිට නිවෙස් මතට කඩා වැටීමට පටන් ගෙන තිබෙනවා.

ගල්වලට අමතර ව කන්දෙහි බුරුල් වුණු පස් කණ්ඩි ද මේ වනවිට ජල පහර සමග පහතට සේදීගෙන එන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත්; හැඩිදෙමළ කන්දෙන් නිවස මතට කඩා වැටුණු ගල් සහ පස් හේතුවෙන් ජීවිත හානියක් සිදු ව නොමැති අතර, දේපළ හානි සිදු ව තිබෙනවා.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිමඩ සානුවේ මාර්ග රැසකට ද පස් කඳු කඩාගෙන වැටී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම අධික වර්ෂාපතනයත් සමග ඝන මීදුම් සහිත තත්ත්වයක් ද ඇති ව තිබෙන බවත්; මේ හේතුවෙන් රථ වාහන ධාවනයේ දී දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් පොලිසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?