spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හාල් මිල බස්සන්න රජයෙන් වැඩපිළිවෙක්

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 25000ක් පළමුව ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සූදානම් වෙයි.

අප්‍රේල් මස මුල් සතියේදී එම සහල් තොගය ආනයනය කර වෙළෙඳපොළට මුදා හැරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත. ඉන්දීය තානාපති කාර්යාලය මගින් එරට වාණිජ දෙපාර්තමේනතුව සමග සාකච්ඡා කර සහල් සාම්පල සහ මිල ගණන් ලබා ගැනීම මේ වන විට සිදු කරමින් පවතියි. ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ නිපදවන පොන්නි සම්බා මෙරටට ආනයනය කිරීමට නියමිතය.

ඉතිරි සහල් මෙට්‍රික් ටොන් 75000 අවශ්‍යතාව මත ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා යෝජනා කළේය.

උදයජීව ඒකනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?