හාල් මාෆියාවට තවත් ඉඩ නෑ – කිරී සම්බා වෙනුවට GR 11 ඉන්දියාවෙන් (වීඩියෝ)

මෙරට සහල් මාෆියාව තුරන් කිරීම සඳහා කීරි සම්බා සහල්වලට සමාන GR 11 සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එලෙස සහල් ආනයන කරමින් ජනතාවට අඩු මිලට සහල් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා සහල් මාෆියාවට තවදුරටත් ඉඩදිය නොහැකි බවයි සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, ආහාර සුරක්ෂිතා කමිටුව විසින් සිදුකළ සොයා බැලීමේ දී කීරි සම්බා වී මෙට්‍රික් ටොන් 85,000ක් ගබඩා 670ක් තුළ පවතින බවට හඳුනාගෙන ඇති බවයි.

ඉන් පොළොන්නරුවේ පවතින වී මෝල්වල පමණක් කීරි සම්බා වී මෙට්‍රික් ටොන් 75,000ක් පවතින බව අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එලෙස තොග රැස්කරගෙන සිටින පිරිස් විසින් කිරී සම්බා සහල් කිලෝවක් රුපියල් 300ක මුදලකට අලෙවි කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මෙහිදී අනාවරණය කළා.

එම තත්ත්වය පාලනය කිරීමට මෙලෙස ඉන්දියාවෙන් GR 11 සහල් ආනයනය කර කිලෝවක් රුපියල් 250ක මුදලකට ලබාදීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?