හාල් මාෆියාවට තවත් ඉඩ නෑ – කිරී සම්බා වෙනුවට GR 11 ඉන්දියාවෙන් (වීඩියෝ)

මෙරට සහල් මාෆියාව තුරන් කිරීම සඳහා කීරි සම්බා සහල්වලට සමාන GR 11 සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එලෙස සහල් ආනයන කරමින් ජනතාවට අඩු මිලට සහල් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා සහල් මාෆියාවට තවදුරටත් ඉඩදිය නොහැකි බවයි සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, ආහාර සුරක්ෂිතා කමිටුව විසින් සිදුකළ සොයා බැලීමේ දී කීරි සම්බා වී මෙට්‍රික් ටොන් 85,000ක් ගබඩා 670ක් තුළ පවතින බවට හඳුනාගෙන ඇති බවයි.

ඉන් පොළොන්නරුවේ පවතින වී මෝල්වල පමණක් කීරි සම්බා වී මෙට්‍රික් ටොන් 75,000ක් පවතින බව අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එලෙස තොග රැස්කරගෙන සිටින පිරිස් විසින් කිරී සම්බා සහල් කිලෝවක් රුපියල් 300ක මුදලකට අලෙවි කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මෙහිදී අනාවරණය කළා.

එම තත්ත්වය පාලනය කිරීමට මෙලෙස ඉන්දියාවෙන් GR 11 සහල් ආනයනය කර කිලෝවක් රුපියල් 250ක මුදලකට ලබාදීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06