හාල් කතාවේදී තමන්ට වැරදුන බව බන්දුල පිළිගනී

තමන්ගේ සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක පවුලකට යැයි කියවෙන්න ඇතැයි වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

එක පවුලකට සහල් කිලෝ තුනක් සති දෙකකට ප්‍රමාණවත් බවට තමන් පසුගියදා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය පිළිබව කරුණු දක්වමින් ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

වෙළෙද අමාත්‍යාංශයේදී අද (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය. සතොස/ලක් සතොස ආයතනයේ සභාපති ආනන්ද පීරිස්, සතොස ප්‍රධාන විධායක නිළධාරී අනුර පණ්ඩිතරත්න යන නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

පුද්ගලික අංශය විසින් සපයන සහන මල්ල සතොස සපයන රුපියල් දහසේ සහන මල්ලට වඩා අඩු ප්‍රමිතියකින් යුතු බවද ​ඇමැතිවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

“අද විපක්ෂය මම කියපු වචනයක් අල්ලාගෙන සිටිනවා.එය කිසිම කෙනෙකුට හානියක් වන දෙයක් නොවෙයි.ලූණු කිලෝවක් පවුලකට සති දෙකකට ඇති. පරිප්පු කිලෝවක් සති දෙකකට ඇති.මම කියන දේ නොවෙයි වැදගත් වන්නේ කරනදේයි වැදගත් වන්නේ.මම ප්‍රකාශ කරද්දී සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වරදින්න පුළුවන්.පුද්ගලයෙකුට කියන එක, පවුලකට කියලා කියවෙන්න පුළුවන්.ඒවා සිද්ධි විතරයි.කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් අසන්න පුළුවන් ජනතාවක් මෙම වැඩපිළිවෙල වැළදගෙන සිටින නිසා සතොස වෙළෙදසැල් වල සාමාන්‍ය දෛනික අලෙවිය රුපියල් කෝටි දෙකකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.”

කෙසේ වෙතත් පසුගිය 05 වනදා සහල් කිලෝග්‍රෑම් තුනක් එක පවුලක් සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කලේය.

එතැන් සිට මේ දක්වා වූ සිදුවීම පහත බලන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09