spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හාර කෝටියේ රංජි, ගංගා සමගින් යුග දිවියට

වේදිකාවෙන් පටන් ගෙන පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා ආදරණිය රංගන ශිල්පියෙක් තමයි රොහාන් විජේතුංග කියලා කියන්නේ. ඔහු මෙරට කලා ක්ෂේත්‍රයට පැමිණ දැන් වසර කිහිපයක් වෙනවා.

මේ වෙද්දී ඔහුව ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබෙනවා.

හාර කෝටිය ටෙලි නිර්මාණයේ රංජිගේ චරිතයට පන පෙවූ ඔහු ඒ චරිතය හරහා ඉමහත් ප්‍රසිද්දියක් ලැබුවා කිවහොත් නිවැරදියි. දාටත් ප්‍රේක්ෂකයා ඔහුව හදුනන්නේ රංජි නමින්.

මේ වෙද්දී ඔහු කොළඹ ඉතාලිය, රේස් වැනි ටෙලි නිරමාණ කිහිපයකම දැකගන්න පුළුවන්. ඔහු ඉතාමත් නිහතමානී චරිතයක්. ජනප්‍රියත්වය ලැබුවද ඔහු ඉතාමත් නිරහංකාර චරිතයක්.

රොහාන් විජේතුංග එහෙම නැත්නම් රංජි ආදරණිය පෙම්වතිය සමගින් සුබ මොහොතින් හෙළ කුල සිරිතට අනුව පසුගියදා යුග දිවි ඇරඹුවා. ඔහුගේ ආදරණිය බිරිඳ වන්නේ ගංගා ඇයත් ඔහු වගේම දක්ෂ කලාකාරිනියක් කියලා තමයි අපට දැනගන්න ලැබුනේ.

අලුතින් ඇරඹු යුග දිවිය රොහාන් සහ ගංගාට සුබ මංගලම් ජය මංගලම් වේවා කියාත් අප හදවතින්ම සුබ පැතුම් එක්කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
124
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?