හාරකෝටියක රත්රන් සඟවාගෙන ආ ගුවන් සේවිකාව කටුනායක දී අල්ලලා

රුපියල් හාරකෝටි පනස්නව ලක්ෂ විසිහය දහස් නවසිය පනස්හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් සේවිකාවක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් සේවිකාවක් අද (04) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකාර ගුවන් සේවිකාව සේවය කළ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී. 822 දරණ ගුවන් යානයෙන් අද අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 163ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සඟවා ගෙන පැමිණ තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාරිය ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගුවන් යානා කාර්යය මණ්ඩල සඳහා පිටතට පැමිණීමේ දොරටුවෙන් පිට වී යාමට තැත් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකාර ගුවන් සේවිකාව රඳවා තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
21
+1
7
+1
7
+1
4
+1
6
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?