හාරකෝටියක රත්රන් සඟවාගෙන ආ ගුවන් සේවිකාව කටුනායක දී අල්ලලා

රුපියල් හාරකෝටි පනස්නව ලක්ෂ විසිහය දහස් නවසිය පනස්හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් සේවිකාවක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් සේවිකාවක් අද (04) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකාර ගුවන් සේවිකාව සේවය කළ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී. 822 දරණ ගුවන් යානයෙන් අද අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 163ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සඟවා ගෙන පැමිණ තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාරිය ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගුවන් යානා කාර්යය මණ්ඩල සඳහා පිටතට පැමිණීමේ දොරටුවෙන් පිට වී යාමට තැත් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකාර ගුවන් සේවිකාව රඳවා තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
21
+1
7
+1
7
+1
4
+1
6
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22