බලයෙන් පහ කරන ලද අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කළ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT -B) 1973 ජාත්‍යන්තර අපරාධ (විනිශ්චය) පනත මත පදනම්ව ස්ථාපිත කරන ලද බැවින් ඇයගේ නඩු විභාගය නීත්‍යානුකූලව පැවැත්විය නොහැකි බවට මතයක් ගොඩ නැගී තිබෙනවා.
1973 පනත සහ 2008 දී එයට කරන ලද සංශෝධන විශේෂයෙන් අදහස් කළේ 1971 විමුක්ති යුද්ධයේදී සිදු කරන ලද ජන සංහාරයේ අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා බව අවාමි ලීගයට සම්බන්ධ නීති විශාරදයින් පෙන්වා දෙනවා .
2024 අගෝස්තු 5 න් පසු කරන ලද සංශෝධන පාර්ලිමේන්තුව අනුමත කර නොමැති බව ඔවුන්ගේ තර්කයයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ක්‍රියා පටිපාටියට අනුව සිදු නොවූ බැවින් බංග්ලාදේශ ජනාධිපතිවරයාට ආඥා නිකුත් කිරීමට බලය නොමැති බව බංග්ලාදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙනවා.
එමෙන්ම, ICT-B විනිසුරුවන් ව්‍යවස්ථා විරෝධී ලෙස පත් කරන ලද බවට ද ඔවුන් චෝදනා කරනවා.





