Empty Ad
AFC Banner
Empty Ad

හසලක දී ලී ලොරියක් පෙරළී අනතුරක් – පැයක මෙහෙයුමකින් බේරාගත් පුද්ගලයා ජීවිතක්ෂයට

මහනුවර – මහියංගනය මාර්ගයේ හසලක, උඩුදහ වාරිමාර්ගය කාර්යාලය ආසන්නයේ දී ලී පටි පටවා ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අද (25) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ලොරි රථයට හා ලී පටිවලට යට වී සිටි පුද්ගලයෙක් පැයක පමණ කාලයක් සිදුකළ මෙහෙයුමක දී මුදාගැනීමට පොලිසියට සහ ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබුණා.

එලෙස මුදාගත් එම පුද්ගලයා වහාම මහියංගනය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර, එලෙස රෝහල් ගතකරන විට ඔහු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ලොරි රථය කටුගස්තොට ප්‍රදේශයේ සිට ලී පටි පටවාගෙන ගිරාඳුරුකෝට්ටේ, බතලයාය ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරක් දක්වා ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

රථයේ තිරිංග අක්‍රිය වීම මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40

?