හසලක දී ලී ලොරියක් පෙරළී අනතුරක් – පැයක මෙහෙයුමකින් බේරාගත් පුද්ගලයා ජීවිතක්ෂයට

මහනුවර – මහියංගනය මාර්ගයේ හසලක, උඩුදහ වාරිමාර්ගය කාර්යාලය ආසන්නයේ දී ලී පටි පටවා ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අද (25) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ලොරි රථයට හා ලී පටිවලට යට වී සිටි පුද්ගලයෙක් පැයක පමණ කාලයක් සිදුකළ මෙහෙයුමක දී මුදාගැනීමට පොලිසියට සහ ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබුණා.

එලෙස මුදාගත් එම පුද්ගලයා වහාම මහියංගනය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර, එලෙස රෝහල් ගතකරන විට ඔහු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ලොරි රථය කටුගස්තොට ප්‍රදේශයේ සිට ලී පටි පටවාගෙන ගිරාඳුරුකෝට්ටේ, බතලයාය ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරක් දක්වා ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

රථයේ තිරිංග අක්‍රිය වීම මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14