හසරංගට එරෙහිව ලින්ඩන්ගෙන් පැමිණිල්ලක්

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය පසුගිය 21 වනදා අවසන් වුණේ ඇෆ්ගනිස්ථානය ජයගනිමින්.

මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා.

පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා ලබාදුන් දුන් දුර්වල තීරණයක් එම සිද්ධියට හේතු වුණා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරයේ යැවූ සිව්වන පන්දුව පිතිකරුගේ ඉනට ඉහළින් යොමු වූ අතර, පිතිකරුවා එය නිපන්දුවක් ලෙස සටහන් කරන ලෙස ඉල්ලීමක් කළත් විනිසුරු ලින්ඩන් හැනිබල් එය නිපන්දුවක් ලෙස සටහන් කළේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් පරාජය වීමට විනිසුරුවරයාගේ මෙම දුර්වල තීරණය හේතු වූ බවයි බොහෝ පිරිසක් මත පළකර සිටියේ.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පිටිය මැද දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග ලින්ඩන් හැනිබල් විනිසුරුවරයාට දෝෂාරෝපණය කරන ආකාරය ද දැකගත හැකි වුණා.

මේ අතර වනිඳුගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා, එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බ්රෝඩ් හට පැමිණිලි කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
9
+1
21
+1
4
+1
4
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?