හසරංගට එරෙහිව ලින්ඩන්ගෙන් පැමිණිල්ලක්

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය පසුගිය 21 වනදා අවසන් වුණේ ඇෆ්ගනිස්ථානය ජයගනිමින්.

මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා.

පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා ලබාදුන් දුන් දුර්වල තීරණයක් එම සිද්ධියට හේතු වුණා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරයේ යැවූ සිව්වන පන්දුව පිතිකරුගේ ඉනට ඉහළින් යොමු වූ අතර, පිතිකරුවා එය නිපන්දුවක් ලෙස සටහන් කරන ලෙස ඉල්ලීමක් කළත් විනිසුරු ලින්ඩන් හැනිබල් එය නිපන්දුවක් ලෙස සටහන් කළේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් පරාජය වීමට විනිසුරුවරයාගේ මෙම දුර්වල තීරණය හේතු වූ බවයි බොහෝ පිරිසක් මත පළකර සිටියේ.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පිටිය මැද දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග ලින්ඩන් හැනිබල් විනිසුරුවරයාට දෝෂාරෝපණය කරන ආකාරය ද දැකගත හැකි වුණා.

මේ අතර වනිඳුගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ලින්ඩන් හැනිබල් විනිසුරුවරයා, එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බ්රෝඩ් හට පැමිණිලි කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50