AFC Banner
Empty Ad
Empty Ad

හවායි දූපත්වල ලැව් ගිනිවලින් මියගිය ගණන 55 ඉක්මවයි

හවායි දූපත්වල ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මවුයි දූපතේ තවත් සිය ගණනක් අතුරුදන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් මෙම ගින්න ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම ලැව් ගින්න ලෙසට හඳුන්වා දී ඇති අතර, ඓතිහාසික මුහුදුබඩ නගරයක් වන ලහයිනා නගරයෙන් 80% ක් විනාශ වී තිබෙනවා.

හවායි දූපත්වලට පැමිණි සංචාරකයින් දස දහස් ගණනක් ඉවත් කර ඇති අතර දිවයිනේ බටහිර ප්‍රදේශයේ 11,000ක ජනතාවක් විදුලිය නොමැතිව රැඳී සිටින බව සඳහන්.

අඟහරුවාදා ආරම්භ වූ ලැව් ගින්න සුළි කුණාටුවක් හේතුවෙන් ප්‍රබල වී ඇති අතර ගිනි නිවන භටයින් එය මැඩ පැවැත්වීම සඳහා දැවැන්ත මෙහෙයුමක නිරත වනවා.

ජනාධිපති ජෝ බයිඩන් ද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා අරමුදල් නිකුත් කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?